НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ four

A+ A-

ජන්කුක් එක්ක ආව මාරක රථ සවාරියට පස්සේ මන් හරියකට හුස්මක් කටක් ගත්තෙ ඒකගෙ මැන්ෂන් එක ඉස්සරහ වාහනේ නැවත්තුවට පස්සේ….

ජන්කුක් යකෙක් වැහිලා වගේ කෙළගෙන ආපු නිසා මුගේ බෝඩි ගාර්ඩ් ල පවා කලබල වෙලා “මෑස්ටර් පස්නයක්ද?” අහ අහ වාහනේ වටේ වන්නම් නැටුවා..

අනේ බෝලාගේ මාස්ටර්ට පිස්සු යකුනේ…මාව උගෙන් බේරගනින්…

මන් සීට් එකේ කෙලින් වෙලා වාඩි වෙල මගේ පැත්තේ දොර ඇරගෙන එලියට බහින්න හැදුවට බඩු ලොක්…ආආආආ…මේ මිනිහට මම…මේක ඇරපන් යකෝ…මට යන්න දිපාන්…මට වමනෙ යන්න වගේ….

වාහනේ නවත්තලත් විනාඩි පහක් විතර යනකම් හෙලවුනේ නැති ජන්කුක් අන්තිමේදී සීට් බෙල්ට් ගලවල දාල දොරත් දඩාස් ගාලා වහගෙන වාහනේ වටේ වන්නම් නටපු ගාර්ඩ් ල සෙට් එකත් එලවල මන් වාඩි වෙලා හිටපු පැත්තේ දොර ඇරිය….

දොරත් ඇරගෙන ජෝන් සීන ඉන්නවා මගේ දිහා බලාගෙන…වෙරි හිදිලද මන්ද…වැනෙන්නේ නැ පොර කෙලින් ඉන්නව…

“බහිනවා…”

බෑ බහින්නේ නෑ…ඇයි මොනවා කරන්නද?

හෙහෙ…කටින් කිව්වේ නැ..හිතුව විතරයි….ඔව්ව කියන්න ගිහින් දත් ටික බඩට යවාගන්න උනොත් ඔක්කොටම හපන් නේ….

“උබ බහිනවද?මන් බස්සන්නද?”

ඒපාර ඇස් රතු කරගෙන ගොරවනවා…පිස්සෙක්…

ඒකට නම් ප්‍රතිචාර නොදක්ව ඉන්න අමාරුයි කියල මගේ ටිකිරි මොලේට තේරුණා…හිතන්නත් කලින් මගේ කකුල් කැබ් එකෙන් එලියට ගියා…ආආ…මගේ අවයව වැඩ කරන්නේ අනිච්චනුගව….නැ අනිච්චනුගාව නෙවෙයි මේ පිස්සු මිනිහට ඕන විදියට….

බැස්සට මොකෝ මට කෙලින් හිටගෙන ඉන්න බෑ…කැබ් එකේ දොරට වාරු වෙලා හිටගත්තෙ…කරකැවිල්ල වගේ…වමනේ යන්නත් වගේ…මේ යස්සය එක්ක වාහනේ ගියපු මෙරිගොරවුන්ඩ් එකේ හැටියට මන් මෙහෙමවත් ඉන්න එක ගැන සතුටු වෙන්න ඕන…අමන හිකනලා….

කිසිම හිතක් පපුවක් නැති මුඩුම මිනිහෙක් මූ නම්…

ඇයි යකෝ අවුරුදු දෙකක් තිස්සේ හොදම යාලුවෙක් නේද මේ පන නෑ වගේ දොරේ එල්ලිලා ඉන්නෙ කියල උබට අමාරුද කියලවත් අහපන්කෝ…ඒව කොහෙද මුඩුමය…බලන් ඉන්නවා කන්න වගේ….

අනේ අයියෝ…දැන් නම් ඉවසන්න බෑ…වමනේ…මට වමනේ යන්න වගේ….

පපුවත් අල්ලාගෙන මන් කෙලින්ම බැලුවේ ජන්කුක්ගේ මූන දිහා…ඉන්නවා රවාගෙන…හිටපන් තොට කරන්න…මුඩුමයා….

බ්වැක්….

දැම්මා…වමනේ..ජන්කුකා ගේ පළල් පපුව ඒම් කරලා කටින් වමනේ ප්‍රහාරය දියත් කරා….

 මේ කිම් ටේහ්යුන්ග් පලිගන්න ගියාම සැහෙන්න දරුණු මනුස්සයෙක්…

මන් ජන්කුකාගෙන් අඩුම තරමේ පරුස වචනයක් වත් බලාපොරොත්තු වුනා…ඒත්….,

“ටෙ..ටේහ්යුන්ග්…මොකද මේ…..?”

ජන්කුක් මන් වමනේ දැම්මේ උගේ ඇගේ නෙවේ වගේ ඒ වමනේ මගේ ඇගේ නොගැවෙන්න පැත්තෙන් මාව උගේ ඇගට තද කරගෙන මගේ පිට අතගාන ගමන් මේ මොකද අහනවා…

උගේ කටහඩ නිකන් කලබල වෙලා වගේ…යකෝ මන් වමනේ පොඩ්ඩක් දැම්ම කියල ඔච්චර කලබල වෙන්න ඕනද?මට ඇති අමාරුවක් නෑ…ඔය ඇරියේ දාගෙන බීපුව…දැන් බඩ ටිකක් හිස් නිසා ඇගට අමාරුවක් නෑ….

ඒත්….ඒත් දැන් අමාරු නෑ වගේ රග පෑවොත් මේකා මගේ කනට දමල අරින්න වැඩි සම්බවිතාවක් තියනවා…

ඒ නිසා…මන් මැරෙන්න ආසන්න මිනිහෙක් වගේ උගේ ඇගට සම්පූර්ණ බර දීල ඇස් දෙකත් බාගෙට පියාගත්තා…

පර්ෆෙක්ට් ඇක්ටින්…

ජන්කුක් විනාඩි දෙක තුනක් විතර යනකම් මාව ඇගට වාරු කරගෙන මගේ පපුව අත ගගා හිටියා…ඇයි මෙයා මෙච්චර අමුතු…දැන් ටිකකට කලින් මාව මරාගන්න ගියපු එකා දැන් මට පොඩි එකෙක්ට වගේ වමනේ දම්මවනවා…

“ටේහ්යුන්ග් ඔයාට ගොඩක් අමාරු නම් අපි හොස්පිටල් යමු…”

මන් හිටියේ මුකුත් කියාගන්න බැරි තරම් ෂොක් වෙලා…එයා මගෙන් පොඩි එකෙක්ගෙන් අහන තරම් මෘදුවට හොස්පිටල් යමුද කියල අහද්දී මන් කරේ ඔලුව දෙපැත්තට වනල ඒක ට බෑ කියපු එක….ෆක්….මේ මම නෙවෙයි…කිම් ටේහ්යුන්ග් කවද්ද මෙච්චර අහිංසක උනේ?

අනික…කොලේජ් එකේ කෝල්ඩ් ප්‍රින්ස් විදියට ප්‍රසිද්ද ජියොන් ජන්කුක් කවද්ද මේ තරම් වෙන මනුස්සයෙක් ගැන කෙයාරින් වුනේ…?

මන් බෑ කියල කිව්වා විතරයි ජන්කුක් මගේ කකුල් යටින් අත් දාල මාව හරහට වඩා ගත්තා…

ඒ පාර නම් මට කෑගස්සුනා….කිලෝ හැට හැත්තෑවක් බර මාව කිසිම ගානක් නැතුව අත් අතරට අරගෙන ජන්කුක් මැන්ෂන් එක ඇතුලට ආවා..

ඒව්…ලැජ්ජාවේ බෑ…අද දවසේ දෙවනි වතාවටත් මගේ පිරිමිකම කලිසම අස්සෙන් දියවෙලා වැක්කෙරුණා…ජන්කුක්ගේ ගර්ඩ්ලත් බලාගෙන…

ජන්කුක්ට මේ මොකක්ද වෙලා තියෙන්නේ?

ඔක්කොටම වඩා…මට මේ මොන මගුලක් ද වෙලා තියෙන්නේ?

ගැනියෙක් වගේ උගේ අත් අතරේ කිසිම ලැජ්ජාවක් නැතුව ඉන්න තරම් මට ලජ්ජා නැති වුනේ කවද්ද?

හරි නම් මන් කරන්න ඕන මේකාගේ කනට දෙකක් ගහල මෙතනින් චුත වෙන එක නේද?

“ම්ම්ම්…ටික වෙලාවක් ඉදල වොෂ් එකක් දාගන්න…ඔයාලගේ ඇදුම් වගයක් මේ ක්ලොසට් එකේ තිබ්බ…මාත් ගිහින් වොෂ් එකක් දාගෙන එන්නම්…”

මාව උස්සගෙන ඇවිත් අපි සෙට් එක මෙහෙ ආවම නිතරම එකතු වෙන රූම් එකේ බෙඩ් එක උඩින් මාව තියල බෙල්ල පිටිපස්ස කහන ගමන්   ,තාමත් මගේ වමනේ ගෑවුණු ෂර්ට් එක ඇදගෙන හිටපු    ජන්කුක් කියවගෙන යද්දී ඇත්තටම මන් පුදුම වුනා… වැරදිලාවත් මන් ඉන්නේ හීනයක් ඇතුළෙද කියල…ජන්කුක්ට පිස්සු…

“ජන්කුක්!”එයා රූම් එකෙන් එලියට යද්දී මන් කතා කරා…

“ඇයි?”යන ගමන නවත්තල එතනම නැවතුන ජන්කුක් මගේ දිහා ඔලුව හරවල බලන ගමන් ඇහුවා…

“මොකද මාව මෙහෙට එක්කගෙන ආවෙ?”

මට ඇත්තටම ඒ ගැන ලොකු කුතුහලයක් තිබ්බ…මේ යකා එක සැරේටම මාව කුදලන් ආවේ අර කනට ගහපු එකට පලිගන්න කියල මන් හිතුවත්…ජන්කුක් ඒක අමතක කරලා ගොඩක් වෙලා වගේ…

“කතා කරන්න…”

එච්චරයි…එයා කිව්වේ එච්ච්රමයි…කතා කරන්න…ඒ වචන දෙක විතරක් කියපු එයා රූම් එකේ ඩෝ එකත් වහගෙන එලියට ගියේ මන් සිනිදු සුදු ඇතිරිලි දාපු බෙඩ් එක උඩ වාඩි වෙලා එයා යන දිහා බලාගෙන ඉදිද්දී…

ජන්කුක්…ජන්කුක් කියන්නේ අපි හත්දෙනාගෙන් නිශ්ශබ්ද ම මනුස්සය…අනිත් අතින් උට ආතල් එකක් ගියොත් ඒ කට නවත්තන්න සැහෙන්න අමාරුයි…ඒත් ඒ වගේ අවස්ථා නම් එන්නේ සැහෙන්න කලාතුරකින්…

අපි හත් දෙනා එකට ඉන්න වෙලාවට,ජන්කුක් අපේ කතා වලට සම්බන්ද වෙන්නේ හරිම අඩුවෙන් උනත් හොදට ඇහුම්කන් දෙනවා…අනික කවදාවත් ඌ උගේ ප්‍රශ්න අපි එක්ක කියවල නැ…සාමාන්යෙන් මාත් ඇතුළුව අපේ අනිත් අය එයලගේ ප්‍රශ්න ගැන හත්දෙනාම ඉස්සරහ කතා කරත් කවදාවත් ජන්කුක් ඒ වගේ උනේ නෑ….ඒත් අද…අද ජන්කුක්ට කතා කරන්න ඕනලු…ඒකත් මන් එක්ක විතරක්…

කවදාවත් හොද ඇහුම්කන් දෙන්නෙක් වත් උපදේශකයෙක් වත් නොවුණු කිම් ටේහ්යුන්ග් එක්ක එයාට කතා කරන්න ඕනලු…

මගේ උපදෙස් අහල ජන්කුක්ට ජිවිතේ කලකිරිල හිමලේට ගිහින් හෙළුවෙන් භාවනා කරන්න උනත් හිතෙන්න පුළුවන්..,.මගේ උපදෙස් දීමේ හැකියාව ඒ තරම් උත්කෘෂ්ටයි…

මන් හොද හුස්මක් අරගෙන කෙලින්ම බාත්රූම් එකට පැන්න…ජන්කුක්ගේ මැන්ෂන් එක කියන්නේ කොහොමත් අපිට නුපුරුදු තැනක් නෙවේ…

අපේ පලවෙනි ෆ්‍රෙන්ඩ් ෂිප් ඩේට් එක මෙහෙ සැමරුවයින් පස්සේ ඉදන් මේකත් අපේ ගෙදර තමයි…

මේ මැන්ෂන් එකේ ඉන්නේ ජන්කුක් විතරයි…එයාගේ 18 වෙනි උපන්දිනේට එයාගේ අගමැති පියාගෙන් ලැබුන තෑග්ග මේක…අනේ ඉතින් අපිටත් කෝටිපති පියවරු ඉන්නවා…ඒත් විස්වාස කරන්න අපේ තාත්ත මට අරගෙන දීපු එක්ස්පෙන්සිවු ම තෑග්ග මගේ ෆෝන් එක…ඒ අතින් ජන්කුක්ගේ අප්පා නෙක්ස්ට් ලෙවල්..

අපි හය දෙනා ඇරුනම ජන්කුක්ගේ ගාර්ඩ් ල පාවා මේ භූත මාලිගාවට අඩිය තිව්වේ ජන්කුක්ට උයල දෙන්න කිචන් එකට එන්න ඕන නිසා විතරයි…නැත්නම් මේක ඇතුලේ ඉන්නේ ජන්කුක් කියන භුතය විතරයි….

මන් වොෂ් එකකුත් දාගෙන,කලින් දවසක මෙහෙ ඇවිත් දාල ගියපු මගේම කළු පාට ටීෂර්ට් එකකට දුබුරු පාට කලිසම ඇදගෙන ලිවින් රූම් එකට ආවෙ ජන්කුක් බලාපොරොත්තුවෙන්….කතාකරන මගුලක් කතා කරලා ඉක්මනට ජෙනීව හොයාගෙන යන්න ඕන…

ඇයි ඉතින් මන් කරේ පෙම්වතෙක් විදියට කරන්න හොද දෙයක් නෙවේ නේ…ඒකි තනියම දාල මන් මේකාගේ පස්සෙන් ආව…

ඒත් අන්තිමේදී ජන්කුක් à·€ හොයාගෙන ආපු මම ෂොක් වුනා..නෑ ඒකට ෂොක් කියන්න බෑ…ඇත්තටම මන් බය උනා…මගේ ඉස්සරහ තිබ්බ ඒ දර්ශනේ දැක්ක මන් යටිගිරියෙන් බෙරිහන් දුන්නා….

ජ්….ජ..ජ…ජන්…ජන්කුකාආආආඅ……….!!!!

==============================

මන් ආවා….දැන් යනවා….

bye<3

Tags: read novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ four, novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ four, read НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ four online, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ four chapter, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ four high quality, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ four light novel, ,

Comment

Leave a Reply

Chapter 4